Followers

Friday 8 May 2020

ඇත්තටම මොකද උණේ - 2 කොටස

ජනවාරි 20 – 26 දක්වා
ජනවාරි 20 වැනිදා චීනයෙන් තෙවැනි කොරෝනා ආසාදිත මරණය වාර්තා විය. ඒ වන විට එහි මුලු ආසාදිතයින් ගණන 200 ඉක්මවා වාර්තා වී තිබුණි. එම ආසාදිතයින් අතරට හුබෙයි ප්‍රාන්තයෙන් පිටත වූ බීජිං, ෂැංහයි, සහ ෂෙන්ශෙන් පළාත් වලින් ද පිරිස වාර්තා වීම අලුත් සිදුවීමක් විය.
මේ අතර චීන වසංගත රෝග පිළිබඳ විශේෂඥයින් මෙම වෛරසය මිනිසාගෙන් තවත් මිනිසෙකු ට බෝ වන බව නිශ්චිතවම ප්‍රකාශ කිරීමත් සමගම එහි වූ භයානක බව තව තවත් තීව්‍ර විය. උදා වීමට නියමිතව තිබූ ලූනාර් නව වසර සැමරීම සඳහා චීන ජාතිකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිය රට බලා ඒ වන විට පැමිණ තිබුණි.

හූබෙයි ප්‍රාන්තය දියුණු සංස්කෘතික කලාපයකි.
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන්, සියාන්ටෝ, චයිබි යන නගර වහා ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනය ට ලක් කල අතර ජනවාරි 23 වෙනිදා එම නගර වල ගුවන් මාර්ග හා දුම්රිය මාර්ග අවුරා දමන ලදී. එම සතිය අවසන් වන විට මිලියන 56 ක් පමණ වූ ජනතාවක් සම්පූර්ණයෙන්ම නිවෙස් වලට සීමා කර නිරෝධායනය ට ලක් කිරීම චීනයේ ප්‍රාන්ත කීපයකම වාගේ සිදුවිය.
නමුත් මේ වන විටත් චීනයෙන් පිටත ජාත්‍යන්තර වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ නැති බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ අදහස විය.
ජනවාරි 27 – පෙබරවාරි 2
ඒ කෙසේ වෙතත් ජනවාරි 30 වන විට කොරෝනා වෛරසය සමස්ත ලෝකයටම තර්ජනයක් විය හැකි බවට ලෝක සෞඛ්‍යය සංවිධානය නිවේදනය කලේය. මේ වන විට චීනයේ ප්‍රාන්ත 31ටම වෛරසය ව්‍යාප්ත වී තිබුණු අතර කොරෝනා මරණ සංඛ්‍යාව 170 ක් ද, ආසාදිතයින් සංඛ්‍යාව 7711 ක් ලෙසද වාර්තා විය. ඒ සතිය අවසානයේ දී චීනයේ මරණ 304 ක් ලෙස වාර්තා වූ අතර ආසාදිතයින් 14380 ක් ලෙස සීඝ්‍රයෙන් වර්ධනය වී තිබුණි.

අදවනවිට අවාසනාව රැඳී ඇත්තේ යුරෝපයේ මිස නැගෙනහිර ආසියාවේ නොවේ.
ජනවාරි මාසය අවසන් වන විට ඉන්දියාව, පිලීපීනය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ වියට්නාමය යන රටවලින්ද ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වී තිබුණි.
පෙබරවාරි දෙවන දා චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා මරණය පිලීපීනයෙන් වාර්තා විය. මරණය ට පත් වූ පුද්ගලයා නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ හුබෙයි ප්‍රාන්තයෙන් පැමිණි චීන ජාතිකයෙක් විය.
පෙබරවාරි 3 – 9 දක්වා
2020 පෙබරවාරි මාසයේ 6 වනදා වන විට යුරෝපා මහාද්වීපයෙන් වාර්තා වූ ආසාදිතයින් ගනන 30 ක් විය.
පෙබරවාරි 7
චීනයේ පැතිර යමින් තිබූ මෙම මාරාන්තික වෛරසය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවූ අය අතර පෙරමුණේ සිටි චීන ජාතික වෛද්‍යවරයකු වූ ලී වෙන්ලියැන්ග් එම වෛරසය ආසාදිත වීමෙන්ම මරණයට පත් විය. මේ සිදු වීම ලොව පුරා සංවේගය දැනවූ පුවතක් විය. මේ අතර හොං කොං රාජ්‍යය නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට සිර දඬුවම් ලබා දීමට තීරණය කලේය.

හොං කොං හී සිරගෙයක්
පෙබරවාරි 9.
චීනය තුළ වෛරසය හේතුවෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 811 ක් වූ අතර එය 2002 – 2003 කාලයේ සාර්ස් වෛරසය නිසා වූ මරණ සංඛ්‍යාව අභිබවා ගොස් තිබුණි. එදින වන විට චීනයෙන් වාර්තා වූ මුලු ආසාදිතයින් සංඛ්‍යාව 37198 ක් විය. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පත් කරන ලද නිරීක්ෂණ කණ්ඩායමක් චීනය වෙත යවනු ලැබුණේ මේ සතිය තුළදීය.
නිරෝෂා සුමුදුනී ගාල්ලගේ

No comments:

Post a Comment