Followers

Thursday 7 May 2020

නික්ම ගිය හිමියනි.....


අතෙන් හිසේ කෙස් සිඳ සිඳ
වැටී බිම ගසමින් පොළොවට
නොවගුරුවමි කඳුළු හිමියනි නුඹ නමට
සිහිපත් කරමි අප එක් වී තැනු වෙහෙර....

සීතල ගොම පොළොව වසමින් එලුව
පැදුරේ දැනුණි උණුසුම මට හැම දිනම
දෙව් ලොව සුමුදු යහනා ලැබුණත් මතුව
මට සීතලයි හිමියනි නුඹ එහි නැතිව ....

නිවසේ පැරණි පිල මත්තේ නැත සුවය
කුස්සියෙ ඉදෙන බත් අහුරේ නැත සුවඳ
ඉඳහිට හෝ නැගෙන මදහස මගෙ දෙතොල
නුඹ පෙර කී කවක් සිහිපත් වෙලා මිස

අපි දෙන්නා ඉන්දපු වලු නුග පැලය
මටත් වඩා උස ගොස් දැන් හරි පුදුම
වතුර දමා ගස මුල වැහි දවසකද
එවමි මගේ ප්‍රේමය එහි මුල් දිගට

No comments:

Post a Comment