ඝන කලු වලාවන් මැදින් රිදී පැහැති රේඛාවන් මතුව එද්දී මම ලියමි. උදෑසන මනරම්ව නැවුමව නැග ආ හිරු අවරගිර අහසේ රත් පැහැය තවරා නික්ම යන්නට අවසර පතද්දී මම ලියමි. අතීතයේ බියකරු රාත්‍රීන් හා අවිනිශ්චිත දහවල් කාලයන් තවමත් ඉඳහිට හදවතේ රිදෙන තැන් වලට අනිද්දී මම ලියමි. අනාගත දිනක් එළැඹෙනු ඇත. මා පතන සිනහව ඒ මුහුණු වල ලියලන. එතෙක් මම ලියමි. ඔබ කැමති නම් කියවන්න.
Followers
Memories of School
ඒ 2020 ජනවාරි මාසයේ මුල් භාගයේ දිනයකි. මම උගන්වමින් සිටියේ හතර වසර පන්තියටය. මට මතක හැටියට Environmental Studies (පරිසර අධ්‍යනය) පාඩමය. මේ දිනවල දී ලොව පුරා කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වී තිබුණි. එනිසා ඉඩලද සෑම විටකම වාගේ මම සිසු දරුවන්ව සිය දෑත් සහ මුව පිරිසිදුව තබා ගැනීම ගැන උපදෙස් දුණිමි. මෙවන් අවස්ථාවකදීය පන්තියේ දඟම කොලු පැටියා මහ හඬින් අඬන්නට පටන් ගත්තේ.
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment