Followers

Wednesday 6 May 2020

උපත

සල් ගහ යට සීතලේ
නිදයි මායා
පිරිමදියි කුස
අසලින් යන්නෙකු
ඔරවා විසිකරයි
කිසිවක්......
අහසින් හැලෙයි
සිසිල් දිය දහරා
තෙරපෙයි ඇය
තව තව සල් කඳට
44 Best beggar images | Homeless people, Helping the homeless ...දෙනෙතින් හැලෙයි
උණුසුම් කඳුළු දහරා
වඩයි මෙත් සිත් ඇය
පිරිමදිමින් කුස
"නිදන්න පුත"
නින්දෙන් අවදිව නගරය
මිනිසුන් ඇවිදියි යුහුසුළුව
පාර අයිනේ සල් ගස
යටින් පිපුණා අලුත් සල් මල

- නිරෝෂා සුමුදුනී 

No comments:

Post a Comment