Followers

Thursday 7 May 2020

කියා දෙන්න මට.......

යශෝධරා, කියා දෙන්න මටත්
කෙලෙස දරා ගත්තාද
පෙමින් ආඩ්‍ය වූ හාදුවක්වත්
රත් පැහැ නොකල කල ඔය කොපුල් තල

කොහොමද උන්නෙ හිස කෙලින් කරගෙන
කඳුළු ටික විසුරුවා ලන්ට
නැති මොහොතක සිහිල් උරිස්සක්
ආත්මය බිඳී නොයා දී

කෙලෙස ඉවසුවා ද ඒ සත්‍යය
ඔහු ඔබගේම නොවේයැයි
කොතරම් පසු පස ආවා ද නුඹ
කෙලෙස ලිහා දැම්මාද බැම්ම අවසන

කෙලස නොපතා උන්නාද
හදවත පිරිමදින මුදු පෙමක්
තරු එළිත් නිවුණු
උණුසුම් මිහිරි සැඳෑවන්

කෙලෙස දිවා රෑ ගෙවා දැමුයේද
පතන්නට කිසිවක්ම නැතිකොට
කිසිදාක සිතුනේම නැතිවද
ඔහු සිටින තැනක ගොස්
දෙපා බදා මියෙන්නට

No comments:

Post a Comment